ජාතික ප්‍රසම්පාදන කොමිසමේ නිල කාලය අවසන්ව ඇති අතර ඒ සදහා නව සාමාජිකයන් ව්‍යවස්ථා සභාව විසින් නම් කලත් ජනාධිපති සිරිසේන අදාල සාමාජිකයන් නිල වශයෙන් පත්නොකිරීම හේතුවෙන් අර්බුදයක් මතුව ඇත.
ඒ අනුව අමාත්‍යාංශ විෂය පථ නම් කරන ගැසට් පත්‍රයට අත්සන් නොතබා ජනාධිපති සිරිසේන නිවාඩුවක් සදහා තායිලන්තයේ සංචාරය කරන අතර ඒ හේතුවම මෙම පත්කිරීම් සදහා ද බලපා ඇත.
කෙසේ වුවත් මේ වන විටත් පැරණි සාමාජිකයන්ම ජාතිය ප්‍රසම්පාදන කොමිසමේ රාජකාරි කරමින් සිටියි. ඒ නව සාමාජිකයන් පත්කිරීම සිදුකරන තුරු ඔවුන්ට ඉවත්ව යාමට නොහැකි නිසාය.
රජයේ ටෙන්ඩර් නිකුත් කිරීමට අදාල වගකීම දරන්නේ ජාතික ප්‍රසම්පාදන කොමිසම වන අතර ඊට අදාල ප්‍රශ්නයක් පැන නැගුනොත් ඊට පැමිණිල්ලක් කිරීමේ අවස්ථාව පවති.
නමුත් පසුගිය සමයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු ටෙන්ඩරය නිකුත්කල ආකාරය සම්බන්ධව ජාතික ප්‍රසම්පාදන කොමිසම ට චෝදනා එල්ල විය.
එවැනි ප්‍රශ්න ගත තත්ත්වයක් යටතේ ජාතික ප්‍රසම්පාදන කොමිසම සදහා නව සාමාජිකයන් පත්කිරීම කඩිනම් කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු නොකිරීම සම්බන්ධව සැකයක් ඇති බව ඇතැම් පාර්ශව චෝදනා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
