Image

ලංවීම ලාභ ලබන ආයතනක් කර පාරිභෝගිකයන්ට සහන දෙනවා - ඇමති රවී වැඩ අරඹයි !

ලංවීම ලාභ ලබන ආයතනක් කර  පාරිභෝගිකයන්ට සහන දෙනවා - ඇමති රවී වැඩ අරඹයි !

පාඩු ලබමින් තිබෙන විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක පවසයි.

රවී කරුණානායක  අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ ඊයේ  (28)  විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය. 

මෙම හමුවට විදුලි වෘත්තීය සමිති 58 ක නියෝජිතයන් සහභාගිව ඇත.

විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් මූල්‍ය විනයකින් තොරව කටයුතු සිදුවන බව වෘත්තීය සමිති නියෝජිතයින් බහුතරයක් එහිදී අමාත්‍යවරයාට  පෙන්වාදී ඇති අතර  අතිරික්ත සේවක පිරිසක් සිටින නමුත් විදුලි සේවා ලබාදීම පුද්ගලික ආයතන වෙත පවරාදීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුවන බවද ඔවුන් අවධාරණය කර ඇත.

 විදුලි වෘත්තීය සමිති නියෝජනය කළ පුද්ගලයින්ට පුද්ගලිකව දඩුවම් ලබාදීම, පසුගිය වකවානුවේදී කටයුතු සිදුකළ බවත්, ඒ වෙනුවෙන් චක්‍රලේඛ නිකුත්කර ඇති බවටත් ඔවුන් චෝදනා කර ඇති බවද වාර්තා වෙයි.

මීට ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යවරයා පවසා ඇත්තේ  විදුලිබල මණ්ඩලය තුළ පවතින මූල්‍ය හා සේවක විෂමතා මගහැරවීමට ඉදිරියේදී තමා අපේක්ෂා කරන බවත්, එම කටයුතු වලදී විදුලි වෘත්තීය සමිති සිය පෞද්ගලික අරමුණූ පසෙකින් තබා, එම කාර්යයට සහය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

සියලු ක්‍රියාකාරකම්වල අවසානයේ විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමත්, විදුලිබිල අඩුකර ලංවිම පාරිභෝගිකයාට සහන සලසන ආයතනයක් බවට පත්කිරීමත් ප්‍රධාන අරමුණ වියයුතු බව අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබේ.

අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම හමුවට විදුලිබල රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්, විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් අජිත් දේවප්‍රිය ඇතුළු පිරිසක් එක්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න