Image

මරණ දඩුවමට සිරිසේන පක්ෂයි : ලංකාවම විරුද්ධයි !

මරණ දඩුවමට සිරිසේන පක්ෂයි : ලංකාවම විරුද්ධයි !

මරණ දඩුවම නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගියදා මෙම ඡන්ද විමසීම පවත්වා තිබේ. බ්‍රසීලය විසින් රටවල් 83ක සමඅනුග්‍රාහකත්වයක් මත මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබේ.

එයට පක්ෂව රටවල් 121ක් ඡන්දය භාවිත කර ඇති අතර, විපක්ෂව රටවල් 35ක් සිය ඡන්දය භාවිත කර තිබේ. එසේම රටවල් 31ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවට සම්බන්ධ වී නොමැත.

ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුවහොත් ඔවුන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර සඳහන් කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධතාව ප්‍රකාශ කළ අතර අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පෙන්වා දුන්නේ මරණ දණ්ඩනය කිසිදා යුක්තිය සමග පෑහෙන්නේ නැතිබවයි.

ජාත්‍යන්තර ඇමෙන්ස්ට්‍රි ආයතනයට අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් අතරින් රටවල් 103ක මරණ දඬුවම තහනම් කර තිබේ. 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේද මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත.

කෙසේ වුවත් පසුගිය සමයේ ජනාධිපති සිරිසේන නිතර කියවමින් සිටියේ මරණ දඩුවම මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාලව ක්‍රියාත්මක කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න