Image

සිරිසේනගෙන් මංගලට යෝජනාවක් !

සිරිසේනගෙන් මංගලට යෝජනාවක් !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ "රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ" වූ නාලක කළුවැව එම ධුරයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපති සිරිසේන විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙතින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග මේ බව සඳහන් කරන අතර මාධ්‍ය ආයතන කිසිවක් පවරා ගැනීමට තමන් අදහස් නොකරන බවත් ඒ වෙනුවට රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නිලධාරීන් පත්කිරීමේදී තම නියෝජිතයන්ටද අවස්ථාව ලබාදෙන ලෙසද සිරිසේන ජනාධිපති මංගල අමාත්‍යවරයා වෙතින් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව සිරිසේන ජනාධිපති ඉල්ලා ඇත්තේ නාලක කළුවැව - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය, සාරංග විජේරත්න - ජාතික රූපවාහිනිය අධ්‍යක්ෂ ජනරාල්, රසාංග හරිස්චන්ද්‍ර - ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී, සම්පත් දේශප්‍රිය - ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, යන තනතුරු සඳහා පත්කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය.

කෙසේ වුවත් මේ සඳහා අමාත්‍යවරයා දක්වා ඇති ප්‍රතිචාරය වාර්තා වන්නේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න