Image

සිරිසේනගේ නඩයටම මරික්කාර්ගෙන් අභියෝගයක් !

සිරිසේනගේ නඩයටම මරික්කාර්ගෙන් අභියෝගයක් !

සිරිසේන ජනාධිපති ඇතුළු පොදුජන පෙරමුණට එකතු වී ජනාධිපතිවරණය මුලින් ම කැඳවන ලෙස අභියෝග කරන බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

ඊයේ (27) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ද ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පවත්වා ඇති බවත් 2019 ජනවාරි 08 වනදායින් පසු ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ජනාධිපතිවරයාට පවතින හෙයින් එසේ ජනාධිපතිවරණයක් කැඳවන ලෙස ඉල්ලා සිටින බවද අවධාරණය කළේය.

එසේම වත්මන් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් සපිරෙන්නේ 2020 පෙබවාරි මාසයේදී බැවින් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩක් නොහැකි බවද පැවසීය

එහිදී එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු මහමැතිවරණයක් සඳහා සූදානම් වන බවට එජාපෙ කැබිනට් අමාත්‍යවරයකු කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කළ මොහොතේ මරික්කාර් මන්ත්‍රීවරයා පැවසුවේ එය අදාළ අමාත්‍යවරයාගේ පෞද්ගලික මතය විය හැකි බවයි.

තවද අමාත්‍ය තනතුරු නොමැතිවත් තමන්ට පසුගිය වසර කිහිපය තුළ රුපියල් මිලියන 16,000ක පමණ වැඩ කිරීමට හැකිවූ බවත් තනතුරු පිළිබඳව නහයෙන් ඇඬීමට වඩා මහන්සි වී, අදාළ පුද්ගලයින්ගෙන් අවශ්‍ය සහයෝගය ලබාගෙන වැඩ කිරීම වැදගත් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න