Image

නවක වදයට එරෙහිවූ සිසුන් දෙදෙනෙකුට අමානුෂික ප්‍රහාරයක් !

නවක වදයට එරෙහිවූ සිසුන් දෙදෙනෙකුට අමානුෂික ප්‍රහාරයක් !

වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තාක‍ෂණික පීඨ සිසුන් දෙදෙනෙකු කුලියාපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රථීකාර ලබන බව වාර්තා වෙයි.

පසුගිය 26 වනදා සවස්වරුවේ පටන් සිසුන් දෙපිරිස අතර යම් ගැටුම් නිර්මාණය වෙමින් තිබූ අතර මෙවර විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් දෙදෙනෙකු එම ගැටුම හේතුවෙන් තුවාල ලබා තිබේ.

ගැටුම හේතුවෙන් පහරකෑ සිසුන් දෙදෙ‍ෙනක් ගමන් ගත්බව කියන මෝටර් රථයටද අලාභ හාණි සිදුව තිබූ බව පොලිසිය සඳහන් කරයි.

රෝහල් ගතවූ සිසුන් පවසන්නේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නවක වදයට එරෙහි සිසුන් 30ක් පමණ සිටින අතර තමන්ද එම සිසුන් නියෝජනය කරන අය බවයි.

දිගින් දිගට පැරණි සිසුන් විසින් නිකුත්කළ නියෝග තම කණ්ඩායම විසින් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඊට නායකත්වය දුන් බවට සැකකරමින් තමන්ට පහර දුන් බවද ඔවුන් පවසයි.

තමන් හා මිතුරා පැරණි සිසුන් විසින් නවකවදයට විරුද්ධ සිසුන් වෙනුවෙන් පනවා ඇති අපනශාලාවෙන් ලබාගන්නා ආහාර තහනම හේතුවෙන් තම මෝටර් රියෙන් ආහාර ලබාගැනීමට යන අතරවාරයේදී විශ්ව විද්‍යාල ප්‍රධාන පිවිසුම ආසන්නයේදී සියයකට පමණ ආසන්න පිරිසක් පැමිණ මෝටර් රථයට පහරදුන් බවත් තමන් යුහුසුලූව තම ජංගම දුරකථනයෙන් එම දර්ශන පටිගත කරමින් සිටියදී වාහනයට ගසා ජංගම දුරකථනය ඔවුන් බාරයට ගෙන ගත් බවත් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සිසුන් පවසා ඇත.

මින් ඉහත අවස්ථාවලදී නවකවදය දරාගත නොහැකි සිසුන් 50කට අධික පිරිසක් වයඹ සරසවිය අතහැරයන තත්ත්වයක් පැවති බවත් ඉදිරියේදී එසේ නොවන්නට තමන් ඇතුලූ කණ්ඩායමක් ක්‍රියාකිරීම දරාගත නොහැකි පිරිසක් විසින් මෙම ප්‍රහාරය දියත් කළ බවත් ඔවුන් පවසයි.

 1545932510 sisuwa 0249062825 1789695667803369 6981951874928738304 n

49074711 1789695671136702 1231055888958095360 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න