ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුවී නොමැති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
ඊයේ (26) මහනා හිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කල අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට මාධ්‍ය හරහා හෙළිදරව් කළේ දූෂණ විරෝධී බලකාය නම් සංවිධායක මෙහෙයුම් අධ්‍යක්ෂක යැයි කියන නාමල් කුමාර නමැත්තෙකු විසිනි. ඔහු මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන ඒකකයේ සේවය කළ පුද්ගලයකු බව ද පසුව හෙළිවිය.
ඔහුගේ මාධ්‍ය හමුවෙන් අනතුරුව මහත් ආන්දෝලනයක් ඇතිවූ අතර ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා එම චෝදනාව මත අත් අඩංගුවට පත්ව තවමත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව ය.
පසුගිය ඔක්තෝබර් 26 වනදා රටම අර්බුදයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ද මෙම ඝාතන කුමන්ත්‍රණය මූලික හේතුවක් වූ බව ජනාධිපතිවරයා ම ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මෙතෙක් කළ විමර්ශන වලින් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද පසුගියදා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව, මේ වන විට තහවුරු වී ඇත්තේ අප මුල සිටම පැවසූ පරිදි නාමල් කුමාරගේ නාටකය අසාර්ථක රංගනයක් වී ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
