Image

ඇමතිකම නොදුන්නාට ෆොන්සේකා නඩු මගට : සිරිසේන යළිත් ව්‍යවස්ථාව කඩලා

ඇමතිකම නොදුන්නාට ෆොන්සේකා නඩු මගට : සිරිසේන යළිත් ව්‍යවස්ථාව කඩලා

ජනාධිපති සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තීරණය කර ඇත.

ඒ නව ආණ්ඩුවේ අමාත්‍යධුරයක් ලැබීම සඳහා තිබූ අවස්ථාව ජනාධිපති සිරිසේනගේ මැදිහත්වීමට විරෝධය පළකරමින්.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනවාරි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු ඇරඹු වහාම මෙම පෙත්සම ගොනුකිරීමට නියමිතය. ජනාධිපති සිරිසේනගේ පෞද්ගලික තරහා පිරිමැසීමක් හේතුවෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් පිරිනමා නොමැති බව තහවුරු වන නිසා එය මුලික අයිතිවාසිකම් කඩවීමක් බව පැහැදිළිව සනාථ කිරීමේ අවස්ථාව ඇති බවට මේ වන විටත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් පෙන්වාදී ඇති බවද දැනගන්නට ඇත.

පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව :

එසේම එම නීති ප්‍රවීණයන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරවා හරිමින් ජනාධිපති සිරිසේන නිකුත් කල ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධී බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව මත සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට ද යුක්තිය පැතීමේ පැහැදිලි අවස්ථාවක් තිබෙන බවයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ පත්කළ යුතු අමාත්‍යවරුන් කවුරුන්ද යන්න ජනාධිපති වෙත නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතත් මූලික අයිතිවාසිකමක් කඩකිරීම ඔප්පු කළහොත් ව්‍යවස්ථාව අනුව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් ලබාදීමට ජනාධිපතිවරයාට සිදුවන බවයි.

19 ලේසි නෑ : පරණ සෙල්ලම් මොකුත් බෑ !

ඒ බව වැඩිදුරටත් පැහැදිලි කරන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වාදී ඇත්තේ විධායක ජනාධිපතිට එරෙහිව නීතිය හමුවට යාමට හෝ ඔහු නීතියට යටත් නොවන බවට අදහසක් පැවතියත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හමුවේ ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩකිරීමට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙන බවය. එසේම ඊට අනුව ජනාධිපතිට නීතිය හමුවේ අභියෝගයට ලක්නොවන ලෙස සිදුකල හැකිව ඇත්තේ යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමට ඇති බලය පමණක් බවත් ඒ ගැනද පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් බවද ඔවුන් පෙන්වා දෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න