එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකුට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යධුර ලබානොදෙන බව සඳහන් කරන සිරිසේන ජනාධිපති, ඔහු පමණක් අමාත්‍යධුර ලබාගැනීම බලවත් අසාධාරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරයි.
ඔවුන් සඳහන්කර සිටින්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පමණයි යන ප්‍රතිපත්තියක සිට කටයුතු කරනවා නම් ජනාධිපති සිරිසේනද එම ප්‍රතිපත්තිය අනුව කටයුතු කල යුතු බවත් ඒ හැර මන්ත්‍රීවරුන්ට පමණක් එවැනි නියෝගයක් නිකුත් කිරීම අසාධාරණ මෙන්ම සැකසහිත බවය.
සිරිසේනගේ තනි ගේමක :
ඒ අනුව ඔවුන් සඳහන්කර සිටින්නේ ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය දියත්කල අරමුණ ඇතිව ජනාධිපති අමාත්‍යංශ කිහිපයක් අල්ලාගෙන තමන්ට පමණක් වාසි දායක තත්ත්වයක් නිර්මාණය කරගැනීමේ සූදානමක් මේ හමුවේ පෙන්නුම් කරන බවය. දැනට අනාවරණය වී ඇති ආකාරයට ජනාධිපති සිරිසේන මේ සියලු ප්‍රශ්න ඇතිකර ගනිමින් සිටින්නේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා බවත් මේ හමුවේද ඔහු තමන්ගේ අරමුණ වෙනුවෙන් අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමම හිරකර ඇති බවද ඔවුන් සඳහන් කරයි.
ජනවාරියේ ශ්‍රීලනිපයේ පිල් මාරුවක් !
කෙසේ වුවත් තම පාර්ශවයේ මන්ත්‍රී කණ්ඩායමක් මේ වන විටත් දේශපාලන තීන්දුවක් ගෙන සිටින බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු විගස එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහය දෙමින් අමාත්‍යධුර ලබාගැනීමේ වැඩපිළිවෙලක් තමන් සතු බවද ඔවුන් පෙන්වාදෙයි.
එසේම තමන් මේ තීන්දුව ගැනීම සම්බන්ධව කිසිඳු අර්බුදයක් නොමැති බවත් ඊට ඇති එකම විකල්පය වන්නේ සිරිසේන ජනාධිපතිද කිසිඳු අමාත්‍යධුරයක් ලබා නොගැනීම බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
