Image

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ : කැබිනට් එක මෙන්න !

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ : කැබිනට් එක මෙන්න !

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (20) නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුවිය.

ඒ අනුව

1. විදුලි සංදේශන - ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය - හරීන් ප්‍රනාන්දු

2. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන , උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන, යෞවන කටයුතු අමාත්‍ය - රනිල් වික්‍රමසිංහ

3. සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය - ජෝන් අමරතුංග

4. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය - ගාමිණී ජයවික්‍රම පෙරේරා

5. මුදල් සහ ජනමාධ්‍ය - මංගල සමරවීර

6. රාජ්‍ය ව්‍යාපාර , කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය - ලක්ෂ්මන් කිරිඇල්ල

7. නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය - රවුෆ් හකීම්

8. විදේශ කටයුතු අමාත්‍ය - තිලක් මාරපන

9. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය - රාජිත සේනාරත්න

10. අභ්‍යන්තර කටයුතු සහ ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය - වජිර අබේවර්ධන

11. කර්මාන්ත හා වාණිජ, දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන අමාත්‍ය - රිෂාඩ් බදියුදීන්

12. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක

13. වැවිලි කර්මාන්ත අමාත්‍ය - නවීන් දිසානායක

14. විදුලි බල හා බලශක්ති, ව්‍යාපාර ප්‍රවර්ධන අමාත්‍ය - රවී කරුණානායක

15. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික, පශු සම්පත් සංවර්ධන, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - පී. හැරිසන්

16. මහා මාර්ග, මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් අමාත්‍ය - කබීර් හෂීම්

17. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය - රංජිත් මද්දුම බණ්ඩාර

18. ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය - ගයන්ත කරුණාතිලක

19. නිවාස සහ ඉදිර්කිරීම්, සංස්කෘතික කටයුතු අමාත්‍ය - සජිත් ප්‍රේමදාස

20. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය - අර්ජුන රණතුංග

21. කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් , ප්‍රජා සංවර්ධන අමාත්‍ය - පලනි දිගම්බරන්

22. කාන්තා, ළමා කටයුතු, වියළි කලාප සංවර්ධන අමාත්‍ය - චන්ද්‍රානී බණ්ඩාර

23. අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය - තලතා අතුකෝරළ

24. අධ්‍යාපන අමාත්‍ය - අකිල විරාජ් කාරියවසම්

25. තැපැල් සේවා සහ මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය - අබ්දුල් හලීම්

26. වරාය, නාවුක කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය - සාගල රත්නායක

27. ජාතික ඒකාබද්ධතා, ජාතික භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය - මනෝ ගනේෂන්

28. කම්කරු, වෘත්තීය සමිති කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම අමාත්‍ය - දයා ගමගේ

29. සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ, විද්‍යා ,තාක්ෂණ සහ පරීක්ෂණ අමාත්‍ය - මලික් සමරවීර

යන අමාත්‍යවරුන් පත්කර ඇත. මෙහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට සහ පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට අමාත්‍යධුර ලබාදී නොමැති අතර අමාත්‍ය ධුර ප්‍රතික්ෂේප කල බව කියූ මලික් සමරවීර මන්ත්‍රීවරයාට අමාත්‍යාංශයක් හිමිවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න