අද (20) යෙදී තිබෙන අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ අවස්ථාව සඳහා මේ වන විට යෝජිත අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින නමුත් එම අවස්ථාව මාධ්‍ය වෙත ආවරණය කිරීම වලක්වා ඇති බව වාර්තා වෙයි.
මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය මෙම අවස්ථාව සජීවීව විකාශය කිරීමට සූදානමින් සිටියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා තහවුරු වුනු සිරිසේන ජනාධිපතිගේ නියෝග අනුව මෙම මාධ්‍ය වාරණය සිදුකර ඇත.
මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධුරයේ දිවුරුම්දෙන අවස්ථාවද සියළු මාධ්‍ය වෙත වාරණය කිරීමට සිරිසේන ජනාධිපති කටයුතු කල අතර අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඔහුගේ පිරිස ඉදිරියේ සිරිසේන ජනාධිපති අවලාද නගන වීඩියෝවක් පමණක් මාධ්‍ය වෙත මුදාහරින්නට ජනාධිපති මාධ්‍ය අංශය හරහා කටයුතු යොදා තිබිණ.
රනිල් -සිරිසේන හමුවක්
එසේම ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපති අතර හමුවක් සිදුව ඇති අතර එහිදී පාලිත රංගේ බණ්ඩාර සහ සරත් ෆොන්සේකා යන මන්ත්‍රීවරුන් හට අමාත්‍යධුර ලබාදීමට ජනාධිපති සිරිසේන ප්‍රතික්ෂේප කළ බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.
කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවමින් මන්ත්‍රීවරුන් අල්ලස්දී ඊට සම්බන්ධ කරගන්නට ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් දියත්වූ නින්දිත උත්සාහය සජීවී දුරකථන සංවාද පටිගත කරගෙන සාක්ෂි සහිතව අනාවරණය කරනු ලැබුවේද පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාය.
තවද එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පෙරමුණ වෙත සහය දෙන කිසිවෙකුට අමාත්‍ය ධුර ලබාදීමද ජනාධිපති සිරිසේන ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙයි.
එසේම නීතිය හා සාමය අමාත්‍යංශයට අයත් විෂය පථ මෙන්ම ජාතික රූපවාහිනිය සහ ලේක්හවුස් ආයතනය, රූපවාහිනි අභ්‍යාස ආයතනය ඇතුළු ආයතන කිහිපයක් ජනාධිපති සිරිසේන අත්පත් කරගන්නට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
සිරිසේන ජනාධිපති සමඟ මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න මෙන්ම නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් එක්ව සිටි බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
