Image

නිවාස - සජිත්, මුදල් - මංගල , සෞඛ්‍ය - රාජිත, විදුලිය - රවී,

නිවාස - සජිත්, මුදල් - මංගල , සෞඛ්‍ය - රාජිත, විදුලිය - රවී,

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙන් කොටසක් පමණක් හෙට (20) දිනයේ පෙරවරු 8.30ට ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම්දීමට නියමිත බව එම කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍යවරුන් 28 දෙනෙකු හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිත අතර එම අමාත්‍ය ධුර අතරින් කිහිපයක් අප වෙත දැන ගැනීමට ලැබී ඇත. ඒ අනුව,

නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය – මංගල සමරවීර

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය – රවී කරුණානායක

සෞඛ්‍ය අමාත්‍ය – රාජිත සේනාරත්න

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය – පාඨලී චම්පික රණවක

ලෙසින්ය.

කෙසේ වුවත් අනෙකුත් අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂය පථයන් මෙතෙක් වාර්තා වී නොමැති අතර, ජනාධිපති සිරිසේන විසින් පෞද්ගලික තරහා පෙන්වා දෙමින් අමාත්‍යවරුන් සතු විෂය පථ සහ අමාත්‍යංශ ලබාදීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් මතුව තිබෙන බවද වාර්තා වෙයි.

මේ හමුවේ හෙට (20) දින අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාව ප්‍රශ්නකාරී විය හැකි බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න