විපක්ෂනායක ධුරය සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා තීරණය ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කරන ලෙස ඉල්ලා කතානායක කරූ ජයසූරිය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.
අද (18) පාර්ලිමේන්තුවේදී මීට අදාළ ඉල්ලීම සිදුකර ඇති අතර ඒ එක්සත් ජාතික පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ මැදිහත්වීමෙනි.
මෙම ඉල්ලීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් .ඒ. සුමන්තිරන්, පාලිත රංගේ බණ්ඩාර, ආශු මාරසිංහ, රංජන් රාමනායක, දයා ගමගේ ඇතුළු පිරිසක් අත්සන් තබා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
