Image

රාජපක්ෂ බල වියරුව අවසන් නැත - නීතිඥ යසස් ද සිල්වා

රාජපක්ෂ බල වියරුව අවසන් නැත - නීතිඥ යසස් ද සිල්වා

ආණ්ඩු බලය තම පවුලේ සදාකාලික බූදලයක් බවට පත් කර ගැනීමේ සිහිනයේ වෙලි සිටි රාජපක්ෂවරු 2015 වසරේදී පරාජයට පත්වූ දා සිට කුමන හෝ ක්‍රමයකින් බලය යළි අත් පත් කර ගැනිමට දරණ උත්සාහය තවමත් අත් හැර නොමැති බව දේශපාලන විචාරකයන් අනතුරු හඟවයි.

රාජපක්ෂවරු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් හරහා බලය අත්පත් කර ගැනිමට දැරූ උත්සාහය ද පසුගියදා පාර්ලිමේන්තුව හා අධිකරණය තුලින් පරාජයට පත් කිරීමට ප්‍රජාතන්තුවාදී බලවේග සමත් වු නමුත් තව දුරටත් වත්මන් ආණ්ඩුව කවර හෝ මොහොතක පෙරළා දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබු බවද ඔවුන් සිහිපත් කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වන නීතිඥ යසස් ද සිල්වා සඳහන් කරන්නේ ඊනියා අගමැති තනතුරෙන් ඉවත්ව යන මොහොතෙදී මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය අනුවද තව දුරටත් ජාතිවාදය පදනම් කරගෙන රට අවුල් කිරීමේ උත්සාහයක නිරතවීමේ සුදානම පෙන්නුම් කරන බවයි. එසේම මහින්ද රාජපක්ෂ දැන්වත් වර්ගවාදී ජාතිවාදී දේශපාලනය නවත්තන්න කටයුතු කලයුතු බවද ඔහු අවධාරණය කරයි.

Voicetube.lk වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් නීතිඥ යසස් ද සිල්වා වැඩිදුරටත් ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න