කුමන්ත්‍රණ ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ලෙස පෙනී සිටින විමල් වීරවංශ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු 2500ක නිලධාරීන් පිරිසක් සේවයෙන් පහකර ඇති බව වාර්තා වෙයි.
මෙම සේවකයන් සහභාගිත්ව සංවර්ධන නිලධාරී (පුහුණු) ලෙස දිවයින පුරා කාර්‍යාල ආශ්‍රිතව සේවය සදහා අනියුක්ත කොට තිබී ඇති අතර ඒ පුහුනු කාලසීමාවෙන් පසුව නියමිත විධාන යටතේ රාජ්‍ය සේවයට අනුයුක්ත කිරීමට යටත්වය.
එහෙත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ඇමැති විමල් මේ පිරිස ඉවත්කොට ඇත්තේ පුහුණු කාලසීමාව අවසන් වූ බවට දක්වමින්ය.
අප ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ තවත් ටික දිනකින් ගෙදර යාමට සිදුවන කුමන්ත්‍රණ ආණ්ඩුව ඊට පෙර අතිවිශාල දේශපාලන පත්වීම් ප්‍රමාණයක් ලබාදීමට උත්සාහ දරන බවය.
එහෙත් මෙම පත්වීම් කිසිවක් මෙරට නීතියට අනුකූල නැත. ඒ දැනටමත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යාංශ වැය ශීර්ෂ කපාදමා ඇති නිසාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
