රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට සන්සුන්ව සිටින ලෙස ජනාධිපතිවරයා දන්වා තිබෙනවා. ජනාධිපති සිරිසේන එම මාධ්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති කැඳවමින් පවසා ඇත්තේ දෙකෙන් එකක් වනතුරු පවතින තත්වයෙන්ම වැඩ කටයුතු කරගෙන යන ලෙසයි.
අළුතින් සිය තනතුර භාර ගත් රාජ්‍ය මාධ්‍ය භාර ගත් ප්‍රධානියෙක් පවසා ඇත්තේ තමන්ගේ කිසිදු විමසීමකින් තොරව එම තනතුරට පත් කළ බවයි.
තමන් නිෂ්පාදනය කරමින් සිටි චිත්‍රපටයේ වැඩ කටයුතු අඩාල වී ඇති නිසා මේ “ඉලව්ව“ අතහැර දැමිය හැකි නම් එය සැනසීමට හේතුවක් බව ඔහු පවසා තිබෙනවා.
මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් කිරීමෙන් අනතුරුව තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කළ වෘත්තිය සමිති නායකයින් සහ වැඩ තහනමට ලක්ව සිටි පිටස්තර පුද්ගලයින් මේ වනවිට පසු බසිමින් සිටින බව ස්වාධින රූපවාහිනි සේවක ආරංචි මාර්ග කියා සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
