කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් යාපනය ‘හැරී ඉදිකිරීම පුද්ගලික සමාගම’ (Harry Constructions Private Limited) සමඟ සම්බන්ධිකරණයෙන් විවිධ ව්‍යාපෘතින් මාර්ගයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් 123 දෙනෙකු වෙත රැකියා අවස්ථා ලබාදෙන ලදි.
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධික්‍ෂණය යටතේ 573 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහාය ඇතිව කන්දවාලි ප්‍රදේශයේ දී එම තරුණ තරුණයින් සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්විය.
එහිදි ක්ෂේත්‍ර 22 ක් යටතේ සිත්ගන්නා සුළු වැටුපක් සහිත රැකියා අවස්ථාවන් සඳහා සුදුසු නම් සම්පූර්ණ කර ඇති අයවළුන් තෝරාගනු ලැබු අතර, මේ අයුරින්ම මීට පෙර ද 57 වන සේනාංකය විසින් කිලිනොච්චි තරුණ තරුණයින් සඳහා රැකියා අවස්ථා ලබාදෙනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
