කොටිකාවත්ත සණසේ ලොක්කන්ට මහාධිකරණයේ නඩු

කොටිකාවත්ත සණසේ ලොක්කන්ට මහාධිකරණයේ නඩු

කොටිකාවත්ත සණස සමිතියේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් අවභාවිතාවන් සහ වංචාවන් හේතුවෙන් රුපියල් කෝටි 23 කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් එහි සභාපති සරත් විදානපතිරණ සහ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව සමිතියේ කොටස් හිමි සාමාජිකයෝ පිරිසක් විසින් කොළඹ මහාධිකරණයේ  ඊයේ (ඔක්. 03) නඩු පවරා ඇත.

සමූපකාර සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් 2015 වසර සදහා මෙම සමිතියේ ගිණුම් විගණනය කිරීමෙන් පසුව හෙළිදරව් වී ඇති බරපතල මුදල් අවභාවිතාවන් පිළිබදව වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ද කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් 2015 වසරේ මෙම සමිතියේ සිටි සියළුම අධ්‍යක්ෂවරු ද වර්තමාන අධ්‍යක්ෂවරු ද එම සමිතියේ කළමනාකාරිනිය ද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. 

තවද, තමාගේ නිලධාරීන් විසින්ම සිදු කරන ලද විගණනයෙන් බරපතල අක්‍රමිකතාවයන් හෙළිදරව් වී තිබිය දීත් සමූපකාර ප්‍රඥප්තිය යටතේ තමන් වෙත ඇති බලතල ක්‍රියාත්මක කර ඒ පිළිබදව වගකිව යුතු තැනැත්තන් පිළිබදව සොයා බලා ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීමේ වගකීම සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඇති නමුත් ඔහු එසේ නොකර සිය  වගකීම හිතාමතාම පැහැර හරිමින් සිටින බව ද මෙම පැමිණල්ලේ දක්වා ඇත. 

එම නිසා බස්නාහිර පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ද සහකාර කොමසාරිස්වරයා ද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න