නොර්වේ ගිය අගමැති ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි !

නොර්වේ ගිය අගමැති ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි !

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් 03 වනදා  සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.

මෙම සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින්  විසින් සංවිධානය කර තිබූ අතර දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දෙරට අතර ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ දී පැනනැගී ඇති ගැටලූ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවු ව්‍යාපාරිකයින් ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් විසඳුම් පිලිබඳව සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ, නෝර්වේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ යන මහත්ම මහත්මීහු ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න