ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ජනතා අදහස් ලබා ගැනීම දැන් ආරම්භ කර ඇත.
මේ වන විටත් ඊට යෝජනා ඉදිරිපත් වෙමින් ඇති බවත් වෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ නියැලි පුද්ගලයන්ට සහ මහජනතාවට මේ සඳහා තව දුරටත් යෝජනා අදහස් ලබා දිය හැකි බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
අදාළ යෝජනා පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට ඔක්තෝබර් මස 12 වැනි දින හෝ එදිනට පෙර යොමු කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ.
අධ්‍යක්ෂ ජනරාල්,
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
මහ ලේකම් කාර්යාලය, කොළඹ - 01
විද්‍යුත් තැපෑල -

