උතුරු - නැගෙනහිර ඉඩම් දෙසැම්බර් 31 දාට පෙර නිදහස් කරන්න - ජනපති

උතුරු - නැගෙනහිර ඉඩම් දෙසැම්බර් 31 දාට පෙර නිදහස් කරන්න - ජනපති

උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු අතර, සියලූ ගැටලූ නිරාකරණය කර ගනිමින් මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා  අදාළ අංශවලට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා  මෙම උපදෙස් ලබාදී ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ  පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය තුන්වන වරටත් ඊයේ (03) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී ය. 

එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. 

ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙසත්, එහි ප‍්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසත් ය.

එමෙන්ම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල, සන්නද්ධ බලකායන් යටතේ පවත්නා, පාසල්වලට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නිදහස් කිරීම පිළිබඳව  හා උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල පානීය ජල ගැටලූව විස`දීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. 

ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශවල ජනතාවට තදබල ජල හිඟයට මුහුණපෑමට සිදුව තිබෙන අතර එම ගැටලූව විසඳීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී කරුණු විමසීය.

අක්කරෙයිපත්තු හි ජල සම්පත යෝග්‍ය ප‍්‍රමාණයන්ගෙන් පවත්නා නමුදු, බෙදා හැරිමේ ජාලයක් නොමැතීවීම හේතුවෙන් ඇතැම් ගම්මාන සහ ප‍්‍රජාවන් වෙත ජලය බෙදාහැරීමේ ප‍්‍රවේශ ඇහිරි තිබෙන අතර ඒ සඳහා කඩිනමි විසදුම් සෙවීම පිළිබඳවද අවධානය යොමු විය. 

කිලිනොච්චි දිස්තික්කයට බලපා ඇති නියං තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙලේ ප‍්‍රගතිය හා උතුරු නැගෙනහිර පළාත්වල ප‍්‍රචණ්ඩත්වය හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ගෙනයන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද විශේෂ සාකච්ඡාවට ලක්වී තිබේ.

මඩු පූජනීය ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය ද විමසූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ දීර්ඝකාලීන යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට අහිමි වූ සංවර්ධනයේ ප‍්‍රතිලාභ නැවත එම ජනතාවට ලබාදීමේ දී සියලූ පාර්ශ්වයන් තම වගකීම් නිසියාකාරව ඉටුකළ යුතු බවයි. 

සියලූ අංශවල සහයෝගය ලබා ගනිමින් අපේක්ෂිත සංවර්ධන අරමුණු කරා ළගාවීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු  මැති ඇමතිවරු පිරිසක් ද, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ඇතුළු රාජ්‍ය නිලධාරින්, ත‍්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න