මුරුංගා කොළ කා ජීවත්වූ කතාවත් බොරුවක් !

මුරුංගා කොළ කා ජීවත්වූ කතාවත් බොරුවක් !

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගන්නා බවට වූ පුවතක් පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අදාළ පුවත පළවූ වහාම එම පුවත පිළිබඳ ජනාධිපතිවරයා විශේෂ අවධානයක් දක්වා ඇති බවත් එහිදී  ඒ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුවකට උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ තොරතුරුවල නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීමකින් තොරව මෙම මාධ්‍ය වාර්තා පළ කර ඇති බවය.

වසර 03 ක පමණ කාලයක සිට එම ප්‍රදේශයට බලපෑ දැඩි නියඟය හේතුවෙන් සියලූ ප්‍රදේශවාසීන් පීඩාවකට ලක්ව ඇතත්, මුරුංගා කොළ තම්බා ආහාරයට ගැනීමට තරම් එම පවුල ආර්ථීක දරිද්‍රතාවයකින් පෙළී නොමැති බවට එම පවුලේ සාමාජිකයින්ගෙන් සහ අසල්වාසීන්ගෙන් ද කළ විමසීමේදී හෙළිවී තිබේ.

නියඟය  හේතුවෙන් පීඩා වි`දි එම ප්‍රදේශයේ ජනතාවට රජය විසින් ලබාදුන් නියං සහනාධාර සහ අනෙකුත් ආධාර මෙම පවුලට ද හිමිවී ඇති අතර, අදාළ ගෘහ මූලික බී. පියසේන මහතාට වකුගඩු  රෝගී ආධාර සහ සමෘද්ධි සහනාධාර  ලැඛෙන බව ද  විමර්ශනවල දී හෙළිදරව් වී ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂි රක්ෂණ මණ්ඩලය, ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාරවරුන් ප්‍රමුඛ රාජ්‍ය තන්ත්‍රයේ නිලධාරීන්ගේ ද ප්‍රකාශ, විමර්ශන කටයුතු සඳහා  උපයෝගී කරගෙන තිඛෙන අතර, එම සියලූ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ අදාළ මාධ්‍ය වාර්තා මගින් සත්‍ය තත්ත්වය විකෘති කර ඇති බවයි.

ඒ බව නිවේදනය කරන ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නිවැරදි තොරතුරු රහිතව එම පුවත වාර්තා වීම හේතුවෙන් රට තුළ ඇතිවූ  ගැටළුකාරී  තත්ත්වය පිළිබඳව  කනගාටුව පළ කරන බවත්  රජය අපහසුතාවයට පත්කරන එවැනි අසත්‍ය පුවත් වාර්තාකරණයෙන් බැහැර වන ලෙසට  අදාළ මාධ්‍ය ආයතන වෙත අවධාරණය කරන බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න