ප්‍රබල ඇමතිගේ බැංකු ගිණුම අත්හිටවූ පුවත : මුදල් අමාත්‍යංශය අත්හිටුවයි !

ප්‍රබල ඇමතිගේ බැංකු ගිණුම අත්හිටවූ පුවත : මුදල් අමාත්‍යංශය අත්හිටුවයි !

ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුගේ බැංකු ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවීවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වන පුවත අසත්‍ය බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මේ පුවත සම්බන්ධව අද (03) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

සමාජ මාධ්‍ය වෙබ් අඩවි අනාවරණය කරතිබූ ආකාරයට විදේශයක සිට කෝටි 15ක මුදලක් ඇමතිවරයකුගේ බැංකු ගිණුමට බැර වී තිබීම නිසා මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත්, මෙතරම් විශාල මුදලක් ලැබුණේ කුමන කාරණාවකටදැයි තහවුරු කිරීමට ඇමතිවරයා අසමත් වීම මත ගිණුම අත්හිටුවා ඇති බවටත් සඳහන්ව තිබිණ.

මූල්‍ය බුද්ධි ඒකකය සම්පූර්ණයෙන් ස්වාධීනයි : මගේ අත පෙවීමක් නෑ - මහ බැංකු අධිපති  

ඒ සම්බන්ධයෙන් ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට මහ බැංකු අධිපතිවරයා දක්වා සිටියේ මෙවැනි ප්‍රතිචාරයක්ය.

'මම හරියට දන්නේ නැහැ. නමුත් මට මෙහෙම කියන්න පුළුවන්. මූල්‍ය බුද්ධි ඒකකය සම්පූර්ණයෙන් ස්වාධීනයි. එතකොට ඒ අය පරීක්ෂණ කරලා බලයි එය සැකකටයුතු ගනුදෙනුවක් ද කියලා. මම මූල්‍ය අවභාවිතය පිළිබඳ සොයා බලන ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විතරයි. එහෙම වුණාට මම දන්නේ නැහැ. ඒ නිසා මට අත ගහන්නවත් බැහැ.'

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න