ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් වංචාකළ සැකකරු දැලේ

ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් වංචාකළ සැකකරු දැලේ

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව ඊශ්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නම් පුද්ගලයෙකි. මොහු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ ගතකිරීම සදහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයින් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත් ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. 

සැකකරු පුස්සැල්ලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.100,000 ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී. එසේම 2018 ඔක්තෝම්බර් 26 වන දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.

මෙම වැටලීම සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක එච්.එම්.කුමාරසිංහ, පොලිස් පරික්ෂක කේ.කේ.එස්.පී.ෆර්ඩිනෑන්ඩු, පොදු සහකාර සමන්ත ප්‍රේමසිරි යන නිළධාරීන් එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න