අයුතු ලාභ ලබන්න ගියොත් වැඩ වරදියි - මංගල

අයුතු ලාභ ලබන්න ගියොත් වැඩ වරදියි - මංගල

වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය පිළිගන්නා නමුදු පෞද්ගලික අංශය අසාධාරණ ලාභ ඉපැයීම අනුමත නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  ප්‍රකාශ කරයි. 

නව පාරිභෝගි අධිකාරී පනත මගින් අසාධාරණ ලාබ ලබන ආයතන නිසැක නීතියේ රැහැනට හසුකර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. අදාළ කෙටුම්පත අයවැයට පෙර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම අපේක්ෂාව බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. 

ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාව ඊයේ (02) මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ දී  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

මලික් සමරවික්‍රම, රිෂාද් බදියුදීන්, විජිත් විජිතමුණි සොයිසා, මහින්ද අමරවීර සහ දයා ගමගේ යන අමාත්‍යවරුන්  ද මේ අවස්ථාවට එක් වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න