රිමාන්ඩ් බාරයේ සිටින හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ඒ අනුව ලංකා සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු කුරුණෑගල මහාධිකරණය තමන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගත් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ද අභියාචනාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කර ඇත.
පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ඉදිරියේ අද කැඳවා තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
