ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසා ඇති නමුත් එම තීරණය සත්‍ය බවත් ඊට හේතු දැක්වීමක් කළ නොහැකි බව අමාත්‍යංශය සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.
වියානා නුවර පිහිටා තිබෙන ඔස්ට්‍රියා තානාපති කාර්යාලය හරහා බොස්නියා, චෙක් ජනරජය, ස්ලෝවැකියා, ස්ලෝවෙනියා, සර්බියා යන රටවල ද තානාපති සේවා කටයුතු සිදුවන අතර ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ තානාපතිනිය ලෙස කටයුතු කළේ, පාර්ලිමේන්තුවේ හිටපු මහාලේකම් ප්‍රියානි විජේසේකර මහත්මියයි.
ජනාධිපතිවරයාට දුරකථන මාර්ගයෙන් ඇය හෝ සෙසු නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකිවීම මත එම තීරණයට එළැඹ ඇති බව සන්ටේ ටයිම්ස් පුවත්පත ද වාර්තා කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
