අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(10) කැඳවා තිබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විදෙස් ගතව ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට අද උදේ මෙම විදේශ ගතවීම සිදුව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ බව තහවුරු කර සිටියි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම සම්බන්ධයෙන් වන අතර අද ඔහු රහස් පොලිසියට පැමිණියේ නම් අත්අඩංගුවට ගැනීමට සිටි බවද දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
