2019 දී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විජේරාමයේ පිහිටි නිල නිවසට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරණය ළංව ඇති බැවින් නායකයාට මඩ ගැසීමට මෙවැනි ක්‍රියා වත්මන් රජය විසින් සිදු කළත් මහින්ද රාජපක්ෂ මහතා උත්තමයෙක් බව මුළු මහත් රටම දන්නා කරුණක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ හෝ 19 වන සංශෝධනය පැවතියත් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත හෝ අධිකරණ තීන්දුවක් මත ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවත්, පැවසු කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කිසිසේත් වෙන පුද්ගලයෙක් එම ජනාධිපතිධූරයට ඉදිරිපත් නොවන බවද පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
