චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ( හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ) හෙවත් නේවි සම්පත් නමැත්තාට මැලේසියාවට පලායෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නට දැනුම්දී ඇත.
මෙම ගිණුම නාවික හමුදාවේ කිනම් ගිණුමක්ද, එයින් මෙම සැකකරුට මුදල් ලබා දී ඇත්තේ කුමන කරුණක් නිසාදැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත යුතුව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල දැනුම්දීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
මෙම මුදල ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබාදුන්නේදැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බැවින් එම ගිණුම පිලිබඳව විමර්ශනය සඳහා එය අයත් ලංකා බැංකු ප්‍රධාන ශාඛාවේ කළමනාකරු වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව, අදාළ බැංකු ගිණුම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට දැනුම්දෙමින් මහේස්ත්‍රාත්වරිය ලංකා බැංකුවේ ප්‍රධාන ශාඛාවේ කළමනාකරු වෙත නියෝගයක් නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
