Image

2026 බදු ඉලක්කය IRD ය කලින්ම පසු කරයි: ඊට බලපෑ සාධක මෙන්න

2026 බදු ඉලක්කය IRD ය කලින්ම පසු කරයි: ඊට බලපෑ සාධක මෙන්න

රජය විසින් තමන්ට මෙම වසර සදහා (2026)ලබා දුන් වාර්ෂික බදු ආදායම් ඉලක්කය වසරේ මාස එක හමාරක් ඉතිරිව තිබියදී ළගා කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊයේ (16) සමත් වී තිබේ.

මේ වසරේ (2026) වාර්ෂික ආදායම් ඉලක්කය ඉක්මවා යමින් නොවැම්බර් 16 වන විට දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 2,441.9 ක් වූ බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවි  ප්‍රනාන්දු පැවසුවාය.ඒ අනුව, 2026 වසර සඳහා දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ නියමිත වාර්ෂික ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 2,402 ක් වන අතර, වසර අවසන් වීමටත් පෙර එම සමස්ත ඉලක්කය පූර්ණ වශයෙන් ඉක්මවා යාමට දෙපාර්තමේන්තුව සමත් වී ඇත.

පෙර වසරට වඩා සියයට 115 ක වර්ධනයක්  

මෙම ආදායම් රැස් කිරීම පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. 2025 නොවැම්බර් 16 වන දින පැවැති ආදායම් තත්ත්වයට සාපේක්ෂව බලන කල, 2026 නොවැම්බර් 16 වන දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කර ඇති ආදායම රුපියල් බිලියන 491 කින් ඉහළ ගොස් තිබේ. එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 115 ක (115%) සතුටුදායක වර්ධනයක් සනිටුහන් කිරීමකි.

සාර්ථකත්වයට හේතු වූ ප්‍රධාන සාධක  මෙලෙස වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගැනීමට හැකි වීම පසුපස ප්‍රධාන සාධක කිහිපයක් පවතින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි. බදු පරිපාලන පද්ධතිය වඩාත් ශක්තිමත් වීම, බදු එකතු කිරීමේ මෙහෙයුම් ක්‍රියාවලිය ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව පවත්වාගෙන යාම සහ බදු නීතිරෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට මහජනතාව තුළ පවතින ඉහළ නැඹුරුව හා කැපවීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.මෙම සුවිශේෂී ජයග්‍රහණය මෙරට බදු පරිපාලන පද්ධතියේ ශක්තිමත්භාවය මෙන්ම රටේ ජනතාවගේ බදු අනුකූලතාවයේ පවතින උසස් ස්වභාවය මනාව පිළිබිඹු කරන්නක් බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න