හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන නොවැම්බර් මස 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) නොතීසි නිකුත් කළේය.
සිංගප්පූරුවේ රෝහලක දී සිදුකළ හෘද සැත්කමකට පසු වැඩිදුර ප්රතිකාර සඳහා එහි යාමට අවශ්ය බව කියමින් මෝසමක් ගොනු කර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවෘත අධිකරණයේ පෙනී සිටි අතර, පැමිණිල්ල වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
පාස්කු ඉරු දින ප්රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හිටපු බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකුගේ විදේශ ගමන් අධිකරණයෙන් තහනම් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
