ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24 ක් යටතේ අධිචෝදනා ගොනුකර ඇති සිද්ධිය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ තබාගෙන ලබන 19 වනදා කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය අද (28) බන්ධනාගාරයට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී, එදිනට (ලබන19 වනදා) අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලට නොතීසි නිකුත් කිරීමටද ත්රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමට අධිකරණයේදී අවස්ථාව හිමි නොවීය.
එමෙන්ම, මෙම නඩුවට අදාළ මුල් නඩු වාර්තාව නිසි පියවර අනුගමනය කිරීමෙන් තොරව එවා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසත් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරිය වෙත ත්රිපුද්ගල මහාධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
