Image

කපිල චන්ද්‍රසේනගේ දුරකථන විමර්ශන ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලිස්පතිට ලිපියක්!

කපිල චන්ද්‍රසේනගේ දුරකථන විමර්ශන ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලිස්පතිට ලිපියක්!

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ  ප්‍රධාන සැකකරුවා වන අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකථන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා යවන ලෙසට අද (14) නියෝග කළේය.

මියගිය කපිල චන්ද්‍රසේන යන අයට අයත් ඇපල් ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත අගොස්තු මස 11 දින ඊමේල් හරහා යොමු කළ බවත් ඊට පිළිතුරු පණිවිඩ නොමැති බැවින් නැවතත් සිහි කැඳවීමක් යොමු කළ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඇමරිකානු එක්සත් ජනපදය අන්‍යෝන්‍ය ආධාර පනත යටතේ අධිකරණ අමාත්‍යාංශය හරහා ඉල්ලීමක් කළ බවත් කලාපයෙන් පිටත බව දන්වා යවා ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මේ අතර,  මියගිය කපිල චන්ද්‍රසේන යන අයගේ මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාශය  අද 14 කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේය.

ඔහු මියගිය ස්ථානයේ තිබී සොයාගත් ඖෂධ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කළ බවත් ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නැති බවත් දුරකථන හරහා සිදු කළ විමසීමට පිලිතුරු ලබා දෙමින් කියා සිටි බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

පෙර දින අධිකරණ නියෝග ප්‍රකාරව නොතිසි හදිසි මරණ පරීක්ෂකවරයා සහ රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කළ බවත් මෙතෙක් වාර්තා ලැබි නැති බවත් අධිකරණයට දන්වා සිටි පොලිසිය නැවතත් සිහි කැඳවීමක් යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් යොමු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා වෙත සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කරන ලෙස  මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න