Image

ශ්‍රී ලංකා - ලිතුවේනියා ද්විපාර්ශ්වික සබඳතාවල නව පිටුවක්

ශ්‍රී ලංකා - ලිතුවේනියා ද්විපාර්ශ්වික සබඳතාවල නව පිටුවක්

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙරට අතර සමාරම්භක ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා 2026 ඔක්තෝබර් 05 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

මෙම වසරට (2026) දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 30ක් සපිරෙන අතර, මෙම ඉහළ මට්ටමේ සාකච්ඡාවල සම-මූලිකත්වය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ලිතුවේනියානු විදේශ කටයුතු උප අමාත්‍ය විද්මන්ටාස් වර්බිකාස් විසින් දරන ලදී.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වෙළෙඳ හා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සහ කලාපීය හා ගෝලීය වර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා මෙම හමුව වැදගත් වේදිකාවක් විය.

සමාරම්භක දේශපාලන උපදේශන සාකච්ඡාවලට සමගාමීව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ සහ ලිතුවේනියාවේ විදේශ කටයුතු උප අමාත්‍ය විද්මන්ටාස් වර්බිකාස් විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර හුවමාරු කර ගන්නා ලදී.

img5 2

img4 1

img2 2

img3 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න