Image

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන ITAK තීරණය පමා වෙයි

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන ITAK තීරණය පමා වෙයි

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජන බලවේගය මගින් සූදානම් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන්නේද නැද්ද යන්න පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රසමාණික්කම්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ යෝජනාවේ කරුණු අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බවයි.

පසුගිය බදාදා දිනයේදී තම පක්ෂය වෙත මේ පිළිබඳව දැනුම් දුන් බවත්, ඒ සම්බන්ධයෙන් නිසි ලෙස අධ්‍යයනය කර අවසන් තීරණයක් ගැනීමට යම් කාලයක් ගතවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න