Image

NSB බැංකුවේ කෝටි 13ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගත් කැෂියර්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

NSB බැංකුවේ කෝටි 13ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගත් කැෂියර්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර තිබූ රුපියල් කෝටි 13 කට අධික මුදලක් සිය පෞද්ගලික පරිහරණයට ගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ කඩුවෙල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමියා ලෙස සේවය කළ නිලධාරියාට බරපතළ වැඩ සහිත වසර 35ක සිර දඬුවම් හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග නියම කළාය.

එම සිරදඬුවම එකවර ගෙවී යන ලෙස එනම් වසර 15කින් ගෙවී යන ලෙස ලබාදීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

මීට අමතරව ඒලෙස සාවද්‍ය සාපරාදී පරිහරණය කළ මුදලද (135,102,975.00) වන්දියක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවටද ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම්ද නියම කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න