රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් "තොටළඟ පොඩ්ඩි" වාහන 21ක්, බැංකු හතරක් ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නම් හරහා ලබාගෙන ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටියේ ය.
මෙම සැකකාරිය ගේ නමින් තිබෙන දේපළ මේ වන විට මහාධිකරණය මගින් තහනම් කර ඇති නමුත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව කරන ලද විමර්ශනවල දී සැකකාරිය විසින් වෙනත් අය ගේ නම්වලින් මෙලෙස දේපළ මිලදී ගෙන ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ. තව ද මෙම සැකකාරිය විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වූයේ ය.
මුදල්විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් " තොටළඟ පොඩ්ඩි" ලබන 21 යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (21) නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරිය අධිකරණය ඉදිරිපත් කරමින් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව ය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කර විශාල දේපළ ප්‍රමාණයක් අයථා ලෙස උපයාගෙන ඇති බවත් ඒකී දේපළ ක්‍රියා විරහිත කිරීමේ විමර්ශනයකට අදාළව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි. එබැවින් මෙම සැකකාරියට මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරන ලද විමර්ශනයකට අදාළව ඉකුත් 13වන දා අත්අඩංගුවට ගත් බව නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය තුන්වෙනි පාර්ශවයක් හරහා ලබාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
