''අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ" මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා ලැබුණු කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් 'දිනන දකුණ' සාමූහිකය සිය දැඩි විරෝධය සහ සැකය පළ කර සිටින බව එම සාමූහිකය සඳහන් කරයි.
'දිනන දකුණ' සාමූහිකය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම තීරණය අධිකරණ විනිසුරුවරුන් ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ පළාත් මට්ටමින් අභියාචනාධිකරණයේ නඩු ඇසීම ව්‍යාප්ත කිරීම සඳහා වන සාමාන්‍ය පරිපාලනමය ක්‍රියාවලියක් ලෙස රජය විසින් නිරූපණය කළ ද, මෙය විධායකයේ අවශ්‍යතාවලට යටත්ව ඉහළ අධිකරණවල කටයුතු කරවා ගැනීම පිණිස සහ වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයා එම ධුරයේ ම තබා ගැනීමේ අරමුණින් ව්‍යවස්ථාපිත විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට පාර කැපීම සඳහා ගත් තවත් එක් උපක්‍රමශීලී පියවරක් ලෙස 'දිනන දකුණ' සාමූහිකය මහජනතාවට සහ නීතිඥ ප්‍රජාවට අනතුරු අඟවා සිටියි.
මතු පළ වන්නේ 'දිනන දකුණ' සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
