දින 16 ක් පුරා තැපැල් සේවකයින් සිදු කළ වැඩ වර්ජනය අද(26) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව නවතා දැමීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වෙයි.
විෂය බාර අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මෙම තීරණය ගෙන ඇත.
තැපැල් සේවකයන් මෙම වැඩවර්ජනය දියත්කර සිටියේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාලව නිකුත් කෙරුණු 6/2006 චක්‍රලේඛය නිසා තමන්ට අහිමි වූ සේවය ස්ථිර කිරීම් සහ උසස්වීම් නියමිත පරිදි ලබාදෙන ලෙස ඉල්ලමින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
