මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලබා සිටින රුසියාවේ හිටපු තනාපති උදයාංග වීරතුංග මෙරටට ගෙන්වීමට අදටත් ඔහු සමඟ සමීප සබඳතා පත්වන හිට්ලර්ගේ සොහොයුරාට කිසිදු බාධාවක් තිබිය නොහාකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ අද (26) එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව අමාත්‍යවරුන් සමඟ කළ කතා බහේදීය.
හිට්ලර්ගේ සොහොයුරා මැදිහත්ව උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවද ජාතික රජය යොදා ඇති වැඩපිළිවෙළ අනුව ජාත්‍යන්තර පොලිසිය විසින් වරෙන්තුකරු අල්ලා වහාම මෙරටට බාරදීමට සියලු කටයුතු යොදා ඇතැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත.
එසේම සැගව සිටි මුළු කාලයේදීම උදයංග වීරතුංග සමඟ සබදතා පැවැත්වු හිට්ලර්ගේ සොහොයුරාට උදයංග වීරතුංග මෙරටට ගෙන්විය හැකිවුවත් තනතුරෙන් ඉවත්වීමෙන් පසු තමා කිසිදු සබදතාවයක් නොපවැත්වු අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට තමාට හැකියාවක් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.
ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමඟ අඛණ්ඩව සබදතා පවත්වන හිට්ලර්ගේ සොහොයුරා කරන දේවල් තමා කිසිවිටකත් කරන්නේ නැතැයිද අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් හමුවේ පැහැදිලි කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
