හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන රොහාන් වැලිවිටව ඊයේ (25) සිංගප්පූරු ගුවන්තොටුපළේදී රඳවාගෙන ප්‍රශ්න කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගිය අවස්ථාවේ ගුවන් තොටුපල නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදුකර ඇති අතර ඒ මුදල්
විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත‍්‍රය සම්බන්ධවය.
පැය තුනක පමණ කාලයක් මෙසේ ඔහුගෙන් ප්‍රශ්න කර පසුව නිදහස් කර ඇති බවද දැනගන්නට ඇත.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව රොහාන් වැලිවිට මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පසුව අධිකරණය මඟින් මුදාහැර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
