ජාතික විගණන පනත් කෙටුම්පත ලබන මස 05 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
ජාතික විගණන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මස 4 වැනිදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළ විවාදය මීට කලින් පැවැත්වීමට නියමිතව තිබුණත් එය කල් ගියේය.
නමුත් මෙවර වාර්තා වන්නේ ජාතික විගණන පනත් කෙටුම්පත විවාදයට ගැනීම සඳහා එය ලබන 05වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන බවයි. ඒ පිළිබඳව පාර්ලිමේනිතුවේ සහකාර මහ ලේකම් කුෂාණි රෝහණවීර ද එය තහවුරු කරන අතර එදින උදේ 11.00 සිට සවස 6.30 දක්වා විවාදය පැවෙත්වෙන බවද රෝහණවීර මහත්මිය පවසයි.
ජාතික විගණන කොමිෂන් සභාව බලාත්මක කිරීම හා ජාතික විගණන කාර්යාලයත් පිහිටුවීම මෙම ජාතික විගණන පනත මගින් සිදු කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
