පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් බාහිර තැනැත්තන් සහ සමාගම් වෙත ලබාදෙන ලද මුදල් සම්බන්ධයෙන් වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලබා නොදීම සම්බන්ධයෙන් පී.ටී.එල් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ජුලි 5 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
අදාළ නඩුව අද (21) කැඳවූ අවස්ථාවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊට අදාළ නියෝගය නිකුත් කර ඇත.
එසේම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 5 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
