හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අස්ගරි පාර්ශවයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමි පවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී අනුශාසනාවක් කරමිනි.
මෙම අවස්ථාව සදහා ත්‍රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබින.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සියළු රාජපක්‍ෂ සහෝදරයන් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ පිරිසක්ද මේ සදහා සහභාගී වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
