Image

බිලියන 04ක වංචාවකට ආයතන දෙකක අධ්‍යක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට!

බිලියන 04ක වංචාවකට ආයතන දෙකක අධ්‍යක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට!

ලාභාංශ ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 2,000කට ආසන්න පිරිසක් රවටා මුදල් ආයෝජනය කරගෙන රුපියල් බිලියන 04කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන දෙකක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මහනුවර සහ කොහුවල යන ප්‍රදේශවල පිහිටි Limo Plus International (Pvt) Ltd සහ Limo International (Pvt) Ltd යන ආයතන මගින් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, අදාළ ආයතන දෙකෙහි අධ්‍යක්ෂවරුන් තිදෙනා අතුරින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ දොන් අසංක නුවන් අබේවර්ධන සහ මහවෙළ ගෙදර ගයාන් රන්දික යන අයයි.

මෙම ආයතන දෙක සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (21) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන අයගේ නියෝග පරිදි වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න