Image

ආසියානු පැසිපික් කෘෂිකර්ම පර්යේෂණ ආයතන ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති ධූරය ප්‍රභාත් විමල්ට!

ආසියානු පැසිපික් කෘෂිකර්ම පර්යේෂණ ආයතන ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති ධූරය ප්‍රභාත් විමල්ට!

ආසියානු පැසිපික් කෘෂිකර්ම පර්යේෂණ ආයතන ජාත්‍යන්තර සම්මේලනයේ (APAARI) 2027/2028 වර්ෂ වෙනුවෙන් නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රභාත් විමල් කුමාර  පළමු වරට නිතරඟයෙන් තෝරා පත් කරගෙන තිබේ.

කාම්බෝජයේ නොම් පෙන් නගරයේදී ඊයේ (20) පැවැති එහි 19 වන සම්මේලනයේදී මෙම පත්කිරීම සිදු කෙරිණි.

ප්‍රභාත් විමල් කුමාර වර්තමානයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ ලේකම්/ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු, එම විශ්වවිද්‍යාලයෙන්ම සිය පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති ප්‍රභාත් විමල් කුමාර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ද හදාරා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න