ඉංග්‍රීසි භාෂාවේ "Smart" (ස්මාට්) කියන වචනය ගත්තම සිංහල භාෂාවේදී බුද්ධිමත්, දක්ෂ, කඩිසර කියන අදහස තමයි අර්ථවත් වෙන්නේ.
යමක් ඉක්මනින් තේරුම් ගැනීමටත්, නිවැරදි තීරණ ගැනීමටත් හැකියාව තියෙන මිනිස්සු හඳුන්වන්නේ very smart gentleman කියලා.
පිරිසිදුව, ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න, ක්‍රියාශීලී පුද්ගලයින්ගේ පෙනුමට You look very smart කියලත් කියනවා.
එතකොට නවීන මෘදුකාංග, ජාල සම්බන්ධතා, කෘත්‍රිම බුද්ධිය වගේ අලුත් තාක්ෂණය භාවිතා කරලා දත්ත රැස් කරලා, ඒවා විශ්ලේෂණය කරලා සිද්ධ කරන තාක්ෂණික ක්‍රියාවලිය Smart Technology (සුහුරු තාක්ෂණය) කියලා කියනවා.
දැන් මොකක්ද මේවයි සජිතුයි අතර තියෙන සම්බන්ධය.
පුද්ගලයෙක් ළඟ තියෙන ස්මාට් එක ගැන අපි කථා කළා. සජිත්ව හරියට කියව ගන්නවා නම් ඒ ස්මාට් ගති ලක්ෂණ සියල්ලක්ම ඔහු ළඟ තියෙනවා.
ඒත් අපි තාක්ෂණිකව කථා කරන Smart Technology එක්ක සජිත් ගණුදෙනු කරනව ද?
තණමල්විල බෝධාගම මහා විද්‍යාලයට මුලින්ම 2021 දෙසැම්බර් 31 ස්මාට් පන්තිකාමරයක් දීලා සජිත් අපේ රටේ පාසැල් දරුවන්ටත් ලෝකය ජයගන්න Smart Education දෙන්න ඕන කියලා කිව්වා. එහෙම කියපු සජිත් මේ රටේ ඈත ගම්මානවල වගේම නගරවලත් පරිඝණක පහසුකම් නැති පාසැල් 386 කට Smart Classrooms ( සුහුරු පන්තිකාමර) දීලා ඉවරයි.

ඉතිං ඕක කළා කියලා කොහොමද සජිත් Smart Technology (සුහුරු තාක්ෂණය) තමන්ගේ වැඩවලට යොදා ගන්නවා කියලා කියන්නේ.
ඔව්, කාට හරි එහෙම ප්‍රශ්ණයක් එන්නත් පුලුවන්. ඇත්ත Smart Classrooms දුන්නට තමන්ගේ රාජකාරි සීමාව ඇතුලේ සහ තමන් යටතේ සේවය කරන රාජ්‍ය නිළධාරීන් ඇතුළු සේවක පිරිස, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තොරතුරු අතින් සන්නද්ධ කරන්න, සජිත් විපක්ෂ නායකයා විදිහට එයා කියන මේ Smart Technology (සුහුරු තාක්ෂණය) යොදාගෙන තියෙනවද?
මම කියනවා ඔව්… සජිත් ඒක හරි අපූරුවට මේ වෙනකොට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමටත්, තමන්ගේ විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ටත් හඳුන්වලා දීලා ඉවරයි.
ඒකට සිංහල ජනවහරේ කියන්නේ "කටින් බතල හිටවන්නේ නැතුව ක්‍රියාවෙන් පෙන්වීම." කියල.
ආණ්ඩුවේ 2027 අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 12 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු බව අපි කවුරුත් දන්නවා.
ඒක මාලිමා රජයේ තුන්වෙනි අයවැය. ඒ ගැන Smart විදිහට හිතපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිළධාරීන්ට උපදෙස් දීලා තිබුනේ, 2025 සහ 2026 වසරවල ඉදිරිපත් කරපු අයවැය ලේඛන දෙකේ ක්‍රියාකාරීත්වයේ ප්‍රගතිය ගැන විමසුමට ලක් කරන්නත්, 2027 අයවැය යෝජනා ගැන සමාලෝචනය කරන්නත් පුළුවන් App එකක් (යෙදවුමක්) නිර්මාණය කරන්න කියලා.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පහසුවට වගේම පුරවැසියන්ට දත්ත සහ තොරතුරු ක්ෂණිකව බාගත කරගන්න පුළුවන් විදිහට oversight.lk කියලා අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය මේ වෙද්දි කටයුතු කරලා ඉවරයි.
ඒ වගේම තමයි sabha (සභා) කියලා තවත් මෘදුකාංගයක් හරහා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිදුකරන කථා, ඒවායේ සාරාංශය, ඒවායේ අඩුපාඩු, දත්ත සහ තොරතුරු වගේම භාෂා පරිවර්ථනය වගේ සියලුම කටයුතු ක්ෂණිකව කරගන්න පුළුවන් අලුත් සිස්ටම් එකකුත් සජිත්ගේ උපදෙස් පිට විපක්ෂ නායක කාර්යාලය දැනටමත් හදලා ඉවරයි.
ඒ වගේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් විසින් පළමු වරට හඳුන්වල දීපු දැනුම් කළමනාකරණයටම විතරක් සුවිශේෂී, ජංගම දුරකතන මෘදුකාංගයක් KMLOP කියලා විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැන් හඳුන්වලා දෙන්නත් විපක්ෂ නායක කාර්යාලය කටයුතු කරලා.
ඒ හරහා පාර්ලිමේන්තුවේ සභාගර්භයේ න්‍යාය පත්‍රය වගේම විපක්ෂ නායක කාර්යාලයේ පර්යේෂණ අංශය විසින් සිදුකරන සියලුම පර්යේෂණ පත්‍රිකා මන්ත්‍රීන්ට පහසුවෙන් ගන්න ඉඩකඩ සලසලා ඉවරයි.
සජිත් කරවපු මේ වැඩේ හැමදාම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට asset එකක්.
ඒ තමයි අපි කථා කරපු Smart සජිත්ගේ Smart වැඩ.
අර සිංහල කියමනක් තියෙනවනේ “වැඩකාරයා කතා නෑ…කතාකාරයාට වැඩ බෑ" කියලා… ඒවා ඇත්තම ඇත්ත කියලා තේරෙන්නේ මේ වගේ සිදුවීම් වෙද්දී තමයි.
අලුත් පරම්පරාව ඉන්නේ Smart ලෝකයත් එක්ක. ඒයාලට මේ තාක්ෂණය හරිම සමීපයි, ඉතිං ඒකයි සජිත් හැම වෙලාවකම කියන්නේ අපි Smart Education හරහා Smart Student කෙනෙක් බිහිකරලා පුරවැසියා සහ රට Smart කරමු කියලා.
මේ සජිත්ගේ දැක්මට හිනාවෙන අයට කියන්න තියෙන්නේ, ඔයාලා හිනාවුනා කියලා, සමච්චල් කළා කියලා රටක් විදිහට අපි ජයගත්ත දෙයක් නෑ. අනාගත පරම්පරාවට ලැබෙන්න දේකුත් නෑ.
ඔයාලා හිනා වුනත්, මඩ ගැහුවත්, සජිත් කලබලයක් නැතුව, තමන්ගේ කණ්ඩායම නිවැරදි දිශාවට යොමු කරන නියමුවෙක්… Sajith is a smart gentleman and a 'silent pilot'. ඔහු තමන්ගේ බලාපොරොත්තු මේ පොලොවේ යථාර්තයක් කරන්න හැම විටම වෙහෙසෙන්නේ ඒකයි.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
