යාපනය, තෙලිප්පලෙයි - මල්ලාකම් සහයමාතා දේවස්ථානය ආසන්නයේ ඊයේ (17) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට අදාලව පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට පෞද්ගලික කරුණක් සම්බන්ධයෙන් මෙම දෙපිරිස අතර ගැටුමක් ඇතිව ඇති අතර එම අවස්ථාවේ පොලිසිය මැදිහත්ව එය පාලනය කිිරිමට උත්සාහ කිරිමේදි එහි සිටි පිරිසක් පොලීසියට පහරදීමට උත්සාහ කර ඇත. එහිදි පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේම පදිංචි පාක්‍යරාසා සුදර්ශන් නැමැති 31ක් හැවිරිදි පුද්ගලයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
