නාමල්, කර්ණාටක ප්‍රාන්තයේ  ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා  හමුවෙයි

නාමල්, කර්ණාටක ප්‍රාන්තයේ  ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා  හමුවෙයි

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම  නායකයකු වන කර්ණාටක ප්‍රාන්තයේ  සිද්ධරාමයියා සහ නාමල් රාජපක්ෂ අතර හමුවක් අද දින බැංගලෝර්හි  පිහිටි මහ ඇමති නිල නිවසේ දී සිදුවිය.

කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා සංවර්ධනය සහ  දියුණුව සහතික කිරීම සඳහා බොහෝ වැඩකටයුතු සිදු කර ඇති අයෙකි. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන් ගේ ජීවිත නගාසිටුවීම සඳහා වන සමාජ සුබසාධන යෝජනා ක්‍රම ද ඔහු යටතේ ක්‍රියාත්මක වේ.

මහාමාත්‍ය සිද්ධරාමයියා නාමල් රාජපක්ෂ සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන්  සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය. කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න